අ/කටුකැලියාව විද්‍යාදීප විද්‍යාලය

Children's Day Celebration

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

විදුහල්පති පණිවිඩය

ඩබලිවිිි.ඒ.පී.කපිලරත්න මයා

ජය ශ්‍රි මහා බෝ සමිදුන්ගේ සිසිලසින් හා රන්මැලි සෑ රදුන්ගේ අනුහසින් ලෝ ප්‍රකට ප්‍රෞඩ ඉතිහාසයක මුදුන් මුල වූ අනුරාධපුර රාජධානියේ ,බටහිර ආරාව සංකීර්ණයට සමීපව ඇති මධ්‍යම නුවර ගම් පළාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ 302 කටුකැලියාව ග්‍රාමසේවා වසමේ අ/කටුකැලියාව විද්‍යාදීප මහ විදුහල් භූමිය පිහිටා තිබේ. ඉගෙනුම් ඉගැන්විම් ක්‍රියාවලිය තුලින් ජාතික අධ්‍යාපන අරමුණු මුදුන් පමුණුවා ගැනීමට හැකි සමබර පෞරුෂයකින් යුත් නිර්මාණශීලි ,ගවේෂණාත්මක පුරවැසියෙකු ලක්මවට දායාද කිරීමේ මෙහෙවරක යෙදෙමින් ,අනාගතයේ තුන් දොරින් සංවර වූ නැණවත් පිංබර දරුවෙකු සමාජයට දායාද කිරීමේ උදාරතර දැක්මක් සහිතව පාසලට පැමිණෙන දුවා දරුවන්ගේ අධ්‍යාපන කාර්යයට හැකි උපරිම අයුරින් සහයෝගය ලබාදීමට අවශ්‍ය පියවර ගෙන තිබේ.

ක්‍රීඩා,නායක,වාද්‍ය,නර්තන,නිර්මාණශීලි ක්‍රියාකාරකම් ආදි සියල්ලටම මංපෙත් විවර කරමින් ආචාර්යය මණ්ඩලයේ සහයෝගයත් ,දෙමාපියන්ගේ සහයෝගයත් ලබා ගනිමින් ප්‍රදේශයේ දීප්තිමත් පාසලක් බවට පත් කර ගැනීමට හැකි වීම අප ලද භාග්‍යයකි.තව තවත් භෞතික සම්පත් හා මානව සම්පත් වැඩි දියුණු කර ගනිමින් සමාජයට වැඩදායි ගුණවත් දරු පරපුරක් බිහිකිරීම අ/කටුකැලියාව විද්‍යාදීප මහ විදුහලේ අනාගත බලාපොරුත්තුවයි.

ඩබලිවිිි.ඒ.පී.කපිලරත්න මයා
විදුහල්පති
කටුකැලියාව විද්‍යාදීප මහ විදුහල.